Saturday, June 17, 2017

පොඩි දැනුම් දීමක්- I'm not that Malmi

මම හරියටම අවුරුදු දෙකක් බ්ලොග් එක ලිවුවා. ඉන්පස්සේ කඩේ වැහුවා. අායෙත් හරියටම නොලියා අවුරුද්දකට පස්සේ කඩේ ඇරියා. කඩේ ඇරියේ හරියටම මාසෙකට වුනත්,හරියටම කඩ පිටන් ටික මාසෙකින් වහගන්න බැරිවුන නිසා ඔන්න අද, ඒ කියන්නේ මාස දෙකකින් කඩේ වහනවා.මං හිතන්නේ බ්ලොග් ලිවිල්ල අතැරියම කියවිල්ලත් අතැරෙනවා. අවුරුද්දක් අතැරලා කියවද්දි මංඤඤං වගේ . මං කියන්නේ සිංහල බ්ලොග් දැන් ඉස්සරට වඩා හොදයිවත් නරකයිවත් කියා නෙමෙයි. කර කර හිටිය වැඩක් වෙනුවට එතනට වෙන වැඩක් සෙට්වෙලා, ආයෙත් පරණ වැඩේට යද්දි කලින් තිබ්බ ලල් එක නැහැ,මං කියන්නේ මට නැහැ්‍

ඇත්තටම ඉතින් මේක එච්චරම කියන්න වැදගත් තරම් දෙයක් නෙවි. මේ ලියන්න යන කථන්දරේ අර අවුරුදු දෙකින් වහලා යද්දිත් කියන්න ඕන වුනත්, ඕන් ඔහේ මගේ මොකෝ කියා නිකං ගියා. හැබැයි දැන් තත්වය උග්ර නිසා කියලා යන එක හොදයි කියා හිතෙනවා.

මල්මි. මල්මි ලියන කෙනාගේ ඇත්ත නම මල්මි නෙමෙයි. (මං හිතන්නේ ඒක ඕන බත්කන හරකෙකුට තේරෙන්න ඕනි. )
කවුරු හරි ,"මම අර මල්මි බ්ලොග් එක ලියන කෙනා,", " එයා මගේ යාලුවෙක්, නෑයෙක්, එයා මගේ අහවලා, එයා වැඩකරන්නේ අපිත් එක්ක, එයා වැඩකරන්නේ අපේ එකේ්‍." හරි එහෙම මොකක් හරි කියනවනම් කියන්න තියෙන්නේ ලණු කන්න එපා කියලා තමයි.

මල්මි මේ බ්ලොග් එක ඇර වෙන බ්ලොග් ලියන්නැහැ. වෙන කොහෙවත් ලියන්නෙත් නැහැ.ඔව් ඔව් කීය දුන්නත් ලියන්නැහැ. මේ නමින්වත් වෙන නමකින්වත්.
ඒ වගේම කිසිම මාද්‍ය ආයතනයකට හෝ කණ්ඩායමකට‍ මොනම අංශයකින්වත් සම්බන්ධයක් නැහැ.
ලංකාවේ කිසිම රාජ්‍ය අංසේ, පුද්ගලික අංසේ, ඒ දෙක අතර අංසේ ‍්හරි වෙන මොනම ආප්ප කඩේකවත්, මාලු ලෑල්ලක, මස් එළවලු තට්ටුවකවත් මොනම විදියකින්වත් මගේ සම්බන්ධයක් නැහැ.
ලංකාවේ මොනම අංසෙක මොකක්වත් කරන්නේ නැහැ. වගේම (ලංකාවට පණ යන්න බදු ගෙව්වට) රුපියලක් තියා සත බාගයක්වත් ආදායමක් මට ලංකාවෙන් නැහැ,දැනටත් නැහැ ඉස්සරහටත් නැහැ.කීයකටවත් නැහැ.
වෙන රටක... නැහැ ඓහම ලණුත් කන්න එපා.
ඒ වගේම මං නිකං ඔහේ තණකොළයක් වගේ එකෙක් මිසක්, ජනප්රිය ප්රසිද්ද චරිතයක්වත්, එහෙම කාගේ හරි කවුරුහරි වත් නෙමෙයි.
තේරෙනවනේ කියන දේ..
ලණු කන්න එපා...!!

මේ කියන කථන්දරේ මොකක්ද කියලා අත්දැකිම් සහිත බ්ලොග් ලියන ,මචං ලායි අර යාවජීව බහිරව කියන සෙට් එකනම් දන්නවා. නමුත්, අවුරුද්දක් නොලියා ඉදලත්, ස්ටැට් අනුව බලද්දි. උන්ට අමතරව ස්ටැට් වැඩිපුර වැවෙනවා. දැන් බ්ලොග් කියවන අලුත් එවුන් වැඩි ඇති. ඒත්ඔ ඉතින් ඔය කිවුව කට්ටියට අමතරව වෙන එවුන් මේකට වද්දගන්න මට කිසිම වුවමනාවක් නැහැ. මේටික හරි ලිවුවේ උන්ගේ එකෙක් හරි වැරදිලාවත් ලණු වක් ගිල්ලොත් කියලා.

සමාජ ජාලා , ෆේස්බුක් අරවා මේවා. ඒවාට ටිකක්ආ ස වුනත්, වුර්තීමය තත්ව මත ඒවාට පුද්ගලිකව සම්බන්ධවීමේ හැකියාවක් නැහැ. අයියෝ ඇත්තද ඒවා නැතිව ඉන්නේ කොහොමද කියා සූස් ගාන්න එපා. මොකද මං නම් රහත්වෙලා නැති සාමාන්ය ආසාවන් ඇති සාමාන්ය මනුස්සයෙක්, ඉතින් මං තෝරාගෙන තියෙන්නේ මට වඩාත් ප්රතිලාභ දෙන, වාසි ,රිලැක්ස්, මටත් වාත නැති වෙන කාටවත්වත් ඇණ නොවෙන සිස්ටම් එකක්.

තව වල්පල් ටිකක් කොටන්න හිතුනත් කම්මැලියි්‍

සැමට සුභ!